Tuesday, February 11, 2020

අපේ Coinbase ගිණුමට නිවැරදිව Bitcoin ගෙන්වා ගනිමු.



1. අපිට අපේ coinbase ගිණුමට Bitcoin ගෙන්න ගන්නනම් අපි අපේ Bitcoin address එක ලබා ගත යුතුයි. අපිට කරන්න තියෙන්නෙ අපේ ගිණුමෙ Portfolio කියන තැනට ගිහිල්ලා ඒකෙ යටම තියෙන Bitcoin කියන එක ක්ලික් (click) කරන්න.ඊටපස්සේ  Bitcoin wallet එක Open ව‌ෙ‌නවා.
Bitcoin wallet එක Open කරගැනීම.
2. ඒකෙ දකුණු පැත්තෙ කෙලවරේ ඇති Receive කියලා එකක්. එතන ක්ලික් කරන්න. 
Bitcoin address එක ගැනීම. 

3. ඊට පස්සේ පහල තියෙන විදිහට ඔයාලට page එකක් එයි ඒකෙ රතු පාටින් සදහන් වෙලා තියෙන්නෙ අපේ  Bitcoin wallet එකට අදාල address එක. ඒක නිවැරදිව කොපිකර ගෙන අපිට Bitcoin එවන කෙනාට ලබා දෙන්න. Address එක copy කරගැනීමට ක‌ොටු ‌ද‌ෙකක් සහිත icon එක ක්ලික් (click) කරන්න.
BTC address එක copy කිරීම

⭐⭐⭐වැදගත්ම දේ තමයි මේ ලැබෙන Bitcoin address එක සැරින් සැරේට වෙනස් වෙනවා එහෙම උනා කියලා කලබල වෙන්න දෙයක් නෑ. ඒ මොන address එක දුන්නත් අපේ  BTC Wallet එකට එවන Bitcoin ලැබෙනවා. Security වැඩි නිසයි මෙහෙම දෙයක් කරලා තියෙන්නෙ.

Coinbase wallet සාදාගනිමු.


Bit Coin Wallet එකක් කියලා කියන්නෙ අපි ගනුදෙනු සිදුකරන Crypto currencies අතරින් බහුලව භාවිතා කරන Bitcoin සුරක්‍ෂිතව තබා ගැනීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල පසුම්බියක් එහෙම නැතිනම් ආරක්‍ෂාකාරි ගිණුමක් කියලා පහසුවෙන් හදුන්වන්න පුලුවන්.
ඉතින් දැනට මේ කියන Bitcoin  Store කරලා තියාගන්න එක එක විදිහෙ Wallet තිබුනත් මමනම් අනුමත කරන්නෙ Coinbase wallet එක. කිසිම කරදරයක් නැතුව අපිට නිදහසේ ගනු දෙනු කරන්න පුලුවන් හොද Wallet එකක් වගේම ආරක්‍ෂාව අතිනුත් ගොඩාක් වැඩි ජනප්‍රිය web wallet එකක්. තමන්ගෙ සාමාන්‍ය විස්තර ඇතුලත් කරලා අපිට පුලුවන් පහසුවෙන් නව ගිණුමක් හදාගන්න.
දැන් ඔබේ Smart phone එක පාවිච්චිකර ද Coinbase ගිනුම සාදාගත හැක. එයට ඔබේ ජංගම ‌උුරකථනයෙන් Coinbase App එක බාගත යුතුවේ. Mobile phone එක‌ේ wallet එක සාදා ගැනීමට ‌ක්ලික් කරන්න. Click watch Video (sinhala) 📹
ඔබේ උුරකථනය Android නම් Coinbase for Android ක්ලික් කරන්න.
ඔබේ උුරකථනය Apple එකක් නම් Coinbase for Apple ක්ලික් කරන්න.
ඉතින් මේ  coinbase wallet  එක හදන්න පහත ක්‍රම අනුගමනය කරන්න.
  1. නව ගිණුමක් හදන්න මුලින්ම Create my account කිලික් කරන්න.
  2. ඊට පස්සෙ පල්ලෙහා තියෙනවා වගේ page එකක් එයි ඒකෙ තියෙන විදිහට තමන්ගෙ විස්තර ඇතුලත් කරන්න.

 3.  ඊලගට අපිට තියෙනවා අපි හදපු ගිණුමේ Email ලිපිනය Verify කරන්න. ඒකට ඔයාලා දුන්න Email එකට ලොග් වෙලා බලන්න coinbase එකෙන් mail එකක් ඇවිල්ලා ඇති පහල තියෙන විදිහට Email ඒක open කරලා verify email addresses කියන තැන ක්ලික් කරන්න.


හරි දැන් ගිණුම හදලා ඉවරයි. ඊලගට අපි බලමු කොහොමද coinbase එකට Bitcoin ගෙන්න ගන්නෙ සහ coinbase එකෙන් වෙනත් ගිණුමකට Bitcoin යවන්නෙ කියල.Coinbase wallet එකට නිවැරදිව Bitcoin ‌ග‌ෙන්වාගමු ලිපිය කියවන්න.

Monday, February 10, 2020

what is bitcoin

What is Bitcoin?


Bitcoin කියන්නේ සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.මේ කියන Bitcoin මුලින්ම හදුන්වලා දුන්නෙ Satoshi Nakamoto කියන පුද්ගලයා ඒ 2008 වසරේදියි.

ඉතින්  සාමාන්‍යයෙන් Bitcoin  භාවිතයේදි BTC කියලා කෙටි නමකින් හදුන්වනවා මෙතනින් එහාට අපි BTC කියන කෙටි නමින් වැඩේ කරගෙන යමු.


වෙනසකට තියෙන්න මේ BTC අපිට කිසිම ආකාරයකින් ප්‍රායෝගිකව දැකගන්නට අවස්ථාවක් නොමැති වීමයි. ඒ කියන්නෙ Credit/ Debit කාඩ් වල තියෙන මුදල් වගේ තමයි අපිට වෙනත් මුදල් සමග ගනුදෙනු කරන්න පුලුවන් වෙන්නෙ පරිඝණක පද්ධතියක් හරහායි. මුදල්වල කිසිම අයිතිකාරයෙක් නැහැ. භාවිතා කරන සාමාජිකයින් අනූවයි වටිනාකම තීරනය වෙන්නෙ. මේ BTC අපේ මුදල් වලට පරිවර්ථනය(exchange) කිරීමට අවශ්‍යයිනම් අනිවාර්‌‌ය‌ෙන්ම BTC exchanger  කෙනෙක් භාවිතා කල යුතුමයි. ක‌ො‌හ‌ොම නමුත් 2020 දී දැන් Bitcoin එකක වටිනාම ‌‌මේ වන විට ඉහල ග‌ොස් තිබ‌ෙනවා.


අද වනවිට BTC එකක වටිනාකම $10,000 විතර වෙනවා ඒ කියන්නෙ රුපියල් වලින්නම් 1792086.00 කටත් වැඩියි. 2010 විතර BTC එකක වටිනාකම උනේ $0.05 විතර ඒ කියන්නෙ ඒකාලෙ හැටියට රුපියල් 5 වගෙ තමයි. රුපියල් 1000කට BTC 200 අරගන්න තිබුණා.

BTC 200 x $10,000 = $ 2,000,000
$ 1 = Rs 181.46
$ 2,000,000 x  Rs 181  = Rs 362,000,000

කෝටිගානක් හොයාගන්න තිබ්බ නේද එදා රුපියල් 1000 වියදම් කලානම්. ඒත් අද වනවිට මේ වගෙ මූලික අවදිවල තියෙන ඕන තරම් Cryptocurrency දැක ගන්න පුලුවන්.
නමුත් තාමත් BTC  වලට තියෙන ඉල්ලුම එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවෙන තත්වයක් දැක්ගන්නට නැහැ. ඉතින් මෙච්චර මිල අධික BTC මිලදී ගන්නට අපහසු නිසා BTC උප ඒකක විදිහට කොටස් 3ක් හදුන්වලා දීලා තියෙනවා.

1 Satoshi = 0.00000001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC

අද වන විට අන්තර්ජාල ගනුදෙනු වලට නැතුවම බැරි දෙයක් වෙලා මේ කියන BTC. ඉතින් මටනම් හිතෙන්නෙ අනාගතය වෙනුවෙන් කරන්න පුලුවන් හොදම ආයෝජන තමයි මේ BTC වගේ Cryptocurrencies අරන් තියාගන්න එක. තමන්ට පුලුවන් හැම අවථාවකම BTC එකතු කරන්න. මොකද අනාගතයේදි සෑම ගනුදෙනුවක්ම සිදුකරන්න වෙන්නෙ මෙවැනි මුදල් ඒකක වලින් තමයි.


BTC Wallet එකක් නිවැරදිව හදන ආකාරය දැනගන්න  BITCOIN WALLET එකක් නිවැරදිව හදාගමු  ලිපිය කියවන්න.